NEXT PAGE SOON

Monetize your website traffic with yX Media

GIF හදල බැනුම් අහමු



ඔන්න උදේ පාන්දර ආවා ත්‍රෙඩ් එකක් දාල යන්න.....
අද ටිකක් වෙනස් එක....
හැමජාතියකම වේගේ ත්‍රෙඩ් දාල තියන නිසා හැමදාම වෙනස් ඒවා තමා...
ඉතින් මොකක්ද අද කරන්න යන්නේ?
අද අපි යන්නේ ගිෆ් (gif) හදන්න....

මිට කලින් ගියා අපිට මොනවා හරි අකුරු ටිකක් ගිෆ් එකක් කරන හැටි,
අද මම කරන්න යන්නේ මොකක් හරි වීඩියෝ එකක් ගිෆ් එකක් කරන හැටි....

මමත් හිතුවා ඔයාලට මේක කියන්න කියලා....
මේක කෙලින්ම කොපි කරලා දාන්නේ නැතුව මගේ වචන වලින්, මගේ snap shot වලින් දාන්න ඕනේ කියලා හිතුවා.....







ඉතින් අද ඉදන් ඔයාලා හැමෝටම මේ වගේ ඒවා හදන්න පුළුවන්......

එහෙනම් පටාන් ගමු....
අපි මේකට යොදා ගන්නේ video-gif-converter කියන software එක....
එක මෙතනින් ගන්න......
http://www.video-gif-converter.com/download.html

දැන් ඉතින් වෙන ඒවා වගේම මේක ඉන්ස්ටෝල් කර ගන්න....
මේවා හොර කොපි නෙමෙයි,
නිකන් දෙන ඒවා....
ඒ නිසා බය වෙන්න දෙයක් නැ.....

දැන් software එක මෙහෙම ඔපෙන් වෙයි...



මුලින්ම කරන්න ඕනේ අපිට convert කරන්න ඕනේ ෆයිල් එක තෝරන්න.....
එක මම කහ පාටින් පෙන්වල තියෙන තැනින් එකතු කර ගන්න.....

දැන් යටින් ඔයාලට පෙන්වයි ඒ ෆයිල් එකේ play time එකයි, සයිස් එකයි....

ඊළගට කරන්න තියෙන්නේ අපිට ගිෆ් එකක් විදිහට convert කරන්න ඕනේ කොටස තෝරන්න ඕනේ....
මේකේ මම තෝරලා තියෙන්නේ තත්පර 3 ඉදලා 15 වෙනකල් කොටස......

ඊළගට අපිට ගිෆ් ෆයිල් එකේ සයිස් එක හදන්න පුළුවන්....
සාමාන්‍යයෙන් මේ දීල තියෙන සයිස් එකට 300KB සයිස් එකක් හදාගන්න පුළුවන්...
එළකිරි එකට දාන්න නම් මේ සයිස් ඒවා හදමු...
නැත්නම් මම අර කලින් කිව වගේ ස්ලෝව් වෙනවා කියල කස්ටියගෙන් බැනුම් () අහන්න වෙනවා සුවර්.......

දැන් තියෙන්නේ මේ ෆයිල් එක කඩා ගන්න ඕනේ ෆොටෝ ගාන දෙන්න.....
මම දීල තියෙන්නේ තත්පර එකකට ෆොටෝ 10ක් කැඩෙන්න කියලා....
එක තමන්ට ඕනේ ෆොටෝ කොලිටි එක අනුව තීරණය කරන්න....

දැන් මුල ටික ඉවරයි ඔන්.....
දැන් තියෙන්නේ කඩා ගත්ත එකෙන් ගිෆ් ෆයිල් එක හදන්න....



මුලින්ම පෙන්වනවා අපිට තියෙන මුළු frame එහෙම නැත්නම් පොටෝ ගාන..
අපිට මේ පොටෝ එක එක බලන්න පුළුවන්....
ඒ කරලා අනවශ්‍ය ඒවා තියෙනවා නම් අයින් කරන්න පුළුවන්....
ඒ විදිහට පොටො ටික බබා වගේ හදා ගන්න.....

දැන් තියෙන්නේ quality එක තෝරන්න....
අයෙත් කියන්නේ එළකිරි එකේ දාන්න නම් normal තෝරන්න...
ඊට පස්සේ play speed එක...
අපිට ඕනේ නම් video එකේ speed එකම තෝරන්න පුළුවන්.
නැත්නම් අපිට පුළුවන් ගානක් තෝරන්න පුළුවන්....

ගිෆ් එක play වෙන speed එක = ( video එක තත්පරයට කඩපු frame ගාන)/(දැන් play වෙන්න දුන්නු speed එක....)

ඒ කියන්නේ අපි video එක තත්පරයට frame 10කත කඩලා , තත්පරයට frame 12 ගානේ play වෙන්න දුන්නොත් video එකේ speed එක කලින් වගේ 1.2ක් වෙනවා......

දැන් ඉතින් දෙවියනේ කියල save කර ගන්න....

හැබැයි මේ software එකේ පොඩි අවුලක් තියෙනවා....
ඒ තමා හදපු එකක් ආපහු බලා ගන්න බැ,
එකටත් මම වෙනම එකක් දෙන්නම්....

http://en.kioskea.net/download/download-9815-gif-viewer

මේක පොඩි එකක්,,,
පටස් ගාල ඉන්ස්ටල් කර ගන්න...
මේකෙන් පුළුවන් ඕනේ ගිෆ් එකක් play කරවන්න....

ඔන්න එහෙනම් මගේ වැඩ ඉවරයි....


EmoticonEmoticon