NEXT PAGE SOON

Monetize your website traffic with yX Media

Deleted Files Recover කරන්න විදිහ සහ හොදම Recovery Software එක (Testdisk and PhotoRec)

Deleted Files Recover කරන්න විදිහ සහ හොදම Recovery Software එක (Testdisk and PhotoRec)


ඔයාල නිතරම අහල ඇති මේ deleted files recovery කිරීමක් ගැන..ඒ කිව්වේ delete උන දත්ත නැවත ලබා ගැනීම..
ඔයාල කල්පනා කරනව ඇති කොහොමද මේ delete කරපු දෙයක් ආපහු ගන්නේ කියලා..ඒ මෙහ‍ෙමයි..

අපි file එකක් delete කරද්දි අපි හිතුවට මේක සම්පූර්නයෙන්ම delete වෙනව කියලා එහෙම වෙන්නේ නෑ...
සිද්ද වෙන්නේ මතකයේ ඒ දත්ත තියන blocks ටික free space එකක් කියල නම් කරනවා operating system එක මගින්.
ඒ කිව්වේ  file එකට තියන පාර අයින් කරල දානවා..එතකොට computer එකේ file system එක ඒ file එකට අයේ ඇතුලු වෙන්නේ නෑ..එතකොට අපි හිතනවා ඔන්න වැඩේ හරි file එක delete උනා කියලා..
ඒ උනත් ඇත්තටම data එහෙමම තියනවා..
කවද හරි අපි මේ free space එකේ වෙන මොනවහරි data ගබඩා කරද්දි ඒ data වලින් overwrite වෙනකම් මුල් data වලට මොකුත් වෙන්නේ නෑ..

ඉතින් ඒ නිසා හදිස්සියෙම ඔයාගේ වැගදත් data මොනවහරි delete උනොත් ලොකු chance එකක් තියනව ආපහු recover කරගන්න..
ඒත් මතක තියාගන්න ඒ memory එක වෙන data වලින් overwrite වෙලා තිබ්බොත්නම් වැඩේ හරියන්නේ නෑ..ඒ නිසා මොකක් හරි file එකක් delete උනාම පුලුවන් තරම් ඉක්මනට උත්සහ කරොත් ලොකු chance එකක් තියනවා recover කරගන්න..

ගොඩක් File recovery software එකක් මගින් කරන්නේ මේ විදිහට මතකයේ ඉතුරු වෙලා තියන data වලින් file headers හදුනගෙන ඒ header information වලින් සම්පූර්ණ file එකම ආපහු ලබා ගන්න එක..
මේක කරන්න ගොඩක් සංකීර්න algorithm තමයි භාවිතා වෙන්නේ..

ඉතින් මේ file recovery software අතරින් ගොඩක් ප්‍රයෝජනවත් උන software එකක් තමයි PhotoRec..මේකෙන් ඔයාලට jpg,png,exe,zip,mp3,mp4,mpg සහ තවත් ගොඩක් වර්ගවල files ලේසියෙන්ම recover කරගන්න පුලුවන්..
මේකේ තියන ප්‍රධානම වාසි තමා Windows,linux,Mac වගේ OS ගොඩක මේක වැඩ කරනවා..අනිත් එක තමා මේක නොමිලේ ලබා දෙන්නේ..

මම Windows වලදි මේකෙන් වැඩ කරන විදිහ කියන්නම්..Linux වලදිත් ඒ විදිහටම තමයි..
මුලින්ම ඔයාගේ OS එකට ගැලපෙන්න TestDisk and PhotoRec Download කරගන්න..




Link 2



හරි දැන් මම myrecovredfiles කියලා directory එකක් හදා ගන්නවා recover කරන files ටික දාගන්න..මේක ඔයා කැමති තැනක කැමති නමකින් හදාගන්න..


දැන් photorec run කරාම මේ වගේ CLI එකක් open එනවා
දැන් මෙතනින් ඔයාට recover කරන්න ඕන drive එක select කරන්න..



මෙතන පෙන්නනවා ඔයාගේ drive එකේ තියන partition ටික..partition කරපු drive එකකනම් වෙන වෙනම partition recover කරන්න පුලුවන්..මම මෙතනදි whole disk select කරනවා..


මෙතනදි අහනවා filesystem type එක මොකක්ද කියලා..Windows වලදි නම් Fat32,NTFS තමා පාවිච්චි වෙන්නේ..linux වලදි ext3,ext4 පාවිච්චි වෙනවා..


දැන් මෙතනදි අහනවා recover වෙන file දාන්න ඕන directory එක..ඒකට මම කලින් හදාගත්ත directory එක select කරනවා..



මෙතනදි select කරන්න C press කරන්න


ඔන්න දැන් recover වීම පටන් ගන්නවා..Recover වෙන files ගාන වෙන වෙනම ඔයාට බලාගන්න පුලුවන්.. 

මේක ඉවර වෙන්න ටිකක් වෙලානම් යනවා..යන වෙලාව තීරනය වෙන්නේ ඔයාගේ drive එකේ size එක speed එක වගේ දේවල් අනුව තමයි..
වැඩේ ඉවර උනාම ඔන්න ඔය වගේ වැටෙනවා..

හරි දැන් අපි බලමු recover උන files..

දැන්නම් පොඩි අවුලක් තියනව නේද..recover උන files ඔය වගේ Folder ගොඩක් ඇතුලේ තමයි තියෙන්නේ..මෙතන නම් folder 151 තියනවා..
ඒ මදිවට එක එක folder ඇතුලේ එක එක විදිහෙ file කලවම් වෙලා කලවම් මැල්ලුමක් වගේ තමයි මේක තියෙන්නේ..තව ලොකු hard එකක වගේ නම් folder ගානත් වැඩි වෙනවනේ.. දැන් ඔයාල හිතනව ඇති මීට වඩා හොදයි recover නොකර නිකන් හිටියනම් කියලා..

                                                           

හරි හරි මම ඒකට විසදුමක් විදිහට පොඩි program එකක් හැදුවා....මේක download කරගන්නකෝ..




හරි  දැන් ඒක execute කරන්න..

මේ program එකෙන් වෙන්නේ මේකයි..අර recover කරපු files ටික තියෙන්නේ folder ගොඩක් ඇතුලේ කලවම් මැල්ලුමක් වගේනේ..
මේකෙන් කරන්නේ ඔයාට ඕන ෆයිල් ටික විතරක් තෝරල දෙන එක..ඒ කිව්වේ ඔයාට jpg file ඕනෙනම් jpg File ටික තෝරලා අරගෙන වෙනම folder එකකට දාල දෙනවා..jpg,mp4,mov,png වගේ ෆයිල් වර්ග ගොඩක් උනත් එක පාර filter කරල ගන්න පුලුවන්..

මේකට මුලින්ම ඔයා folder එකක් හදාගන්න ඔයාට ඕන ෆයිල් ටික වෙන් කරල දාගන්න..


ඔන්න මම new කියල folder එකක් හදා ගත්ත..දැන් ඔය පල්ලෙහ රූපෙ පේනවා වගේ මම දුන්න program එකෙන් මුලින්ම අහනවා Data Folder path එක..ඒකට දෙන්න ඕනේ ඔයා Recover කරගත්ත files තියන folder එකේ path එක..

ඊලගට අහනවා destination folder path එක..ඒකට ගහන්න දැන් අපි හදාගත්ත folder එකේ path එක..ඒකට තමා අපි filter කරගන්න file ටික copy වෙන්නේ..

ඊලගට අහනවා අපිට filter කරගන්න ඕන file extension මොනවද කියලා..ඉතින් ඔයාට ඕන extension හැම එකක්ම කොමා වලින් වෙන් කරලා මෙතන ගහන්න..

උදාහරනයක් විදිහට ඔයාට ඕනේ .jpg file විතරනම් .jpg කියලා ටයිප් කරලා enter කරන්න..
.jpg file, .mp4 file ,.3gp file වර්ග තුනම ඕන කියල හිත්න්න..එහෙනම්

.jpg,.mp4,.3gp

විදිහට කොමා වලින් වෙන් කරලා(space තියන්නේ නැතුව) extension ටික ඔක්කොම ගහන්න..



ඔන්න එතකොට file filter වෙන්න පටන් ගන්නවා..


filter වෙලා ඉවර උනාම මෙන්න මෙහෙම වැටෙනවා හම්බ උන file ගාන..



ඔන්න එහෙනම් වැඩේ හරි..ඔයාට ඔන ෆයිල් ටික විතරක් එක තැනකට අරගෙන තියනවා..දැන් ලේසියෙන්ම ඕන කරන file ටික හොයාගන්න පුලුවන්..



EmoticonEmoticon