NEXT PAGE SOON

Monetize your website traffic with yX Media

Addmefast Bot Released! Unlimited Facebook Likes,Shares,Followers,Twitter followers ගන්න ඕනෙද?

Addmefast Bot Released! Unlimited Facebook Likes,Shares,Followers,Twitter followers ගන්න ඕනෙද?


ගොඩක් කාලෙකට පස්සේ ඔන්න අද වැදගත් ලිපියක් අරගෙන ආවා...
මම කලින් ලිපියකදි කිව්ව මතක ඇති Unlimited Facebook Likes,Shares,Followers,Twitter followers වගේ දේවල් ගන්න විදිහ..ඒකට මම පාවිච්චි කරේ Addmefast.com කියන website එක.
මේ website එකේදි වෙන්නේ අපි දාන likes ,shares වලට අපිට points ලැබෙනවා..ඒ points වියදම් කරලා අපේ pages,posts වලට likes,shares ගන්න පුලුවන්..

ඒකෙදි මම කිව්ව මතක ඇති points ගන්න Bot එකක් ගැන..ගොඩක් අය මේ bot එක ඉල්ලලා තිබ්බා.   මමත් කලින් නම් මේකට පාවිච්චි කරේ iMacros Bot එකක්..ඒත් ඒවගේ ගොඩක් අවුල් තියනවනේ..ටික වෙලාවක් වැඩ කරද්දි stuck වෙනවා..

ඉතින් ඒ නිසා python පාවිච්චි කරලා මේකට bot කෙනෙක් හැදුවා අර දුර්වලතා ගොඩක් දුරට මගහැරෙන විදිහට.මුලින්ම download කරලා install කරගන්න..




Link 2


දැන් bot.exe run කරන්න


ඕකේ waiting time කියලා තියෙන්නේ එක පාරක් like කරලා ඊලග like එක දානකන් නැවතිලා ඉන්න වෙලාව තත්පර වලින්..
5-10 ත් අතර ගානක් දාන්න මේකට..speed internet connection එකක් තියනවනම් 5ක් 6ක් වගේ ගානකුත් slow නම් 7,8 වගේ ගානකුත් දෙන්න..

ඊලගට ඔයා පාවිච්චි කරන webbrowser එක තෝරන්න තියනවා..දැනට Chrome සහ firefox විතරයි support කරන්නේ..ඒ කිව්වේ මේ දෙකෙන් එකක්වත් install කරලා තියෙන්න ඕනේ..

ඒ දෙකෙනුත් chrome තමා recommend කරන්නේ..මොකද firefox එකේ සමහර වෙලාවට page load වෙද්දි අවුල් යනවා..

ඒ වගේම මේ bot run වෙද්දි data කැපෙන එක අඩු කරන්න සහ Browsing speed එක වැඩි කරන්න images load වෙන එක නතර කරලා තියනවා..ඒත් firefox අලුත් version වලදි නම් images stop කරන්න පල්ලෙහයින් දිලා තියන addon එක පාවිච්චි කරන්න වෙනවා..
https://addons.mozilla.org/en-us/firefox/addon/image-block/


ඊලගට Addmefast එකේ සහ Fb එකේ username password දෙන්න මොකද bot automatically තමා ඒ දෙකට login වෙන්නේ..

අන්තිමට START button එක ක්ලික් කරන්න..

ඔන්න එතකොට bot AMF එකට සහ FB එකට automatically log වෙනවා..ඔයා මොකුත් කරන්න යන්න එපා



දැන් ඒ දෙකට log වෙලා ඉවර උනාම addmefast එකේ facebook likes page එකට එනවා..මේ page එකේ bot safe උපක්‍රම ටිකක් යොදලා තියන නිසා පලවෙනි සැරේදි විතරක් පොඩි වැඩ ටිකක් manually කරන්න වෙනවා..

ඒ මෙහෙමයි..facebook likes page එක load උන ගමන් click on first button කියලා bot කියයි..එතකොට පහල රූපේ තියනවා වගේ කොල පාට like button එක උඩ click කරන්න..ඒ click කරන්න කලින් mouse wheel එකෙන් like button එක screen එකේ මැදට වගේ අරගන්න..


එතන click කරාම facebook window එකක් එයි..ඒත් එක්කම Click on second button කියලා bot කියයි..එහෙම කිව්වම පහල රූපේ තියනවා වගේ Facebook එකේ like button එක click කරන්න

ඊලගට Click on third button කියලා bot කිව්වම facebook window එකේ close button එක ක්ලික් කරන්න..

ඔන්න එතකොට ආපහු addmefast window එකටම එනවා..
දැන් කිසිම දෙයක් කරන්න එපා..පැත්තකට වෙලා බලාගෙන් ඉන්න තමා තියෙන්නේ

 ඔයා අර මුලින්ම දුන්න waiting time එකට (තත්පර ගානට) පස්සේ bot start වෙනවා..
ඔන්න ඔහොමයි නිකන්ම points හොයන්නේ..

වැදගත්- මම අර කලින් කිව්වේ button 3ක් click කරන්න කියලා අන්න ඒ වෙලාවෙදි වෙන කොහෙවත් click කරන්න එපා..ඒත් එක්කම bot run වෙන වෙල‍ාවෙදි ඔයාට computer එකේ වෙන වැඩක් කරන්න බෑ..ඒ වෙලාවෙදි bot විසින් mouse එක control කරනවා..ඉතින් ඔයත් mouse එක අත පත ගාන්න ගියොත් වැඩේ අවුල් යන්න පුලුවන්..

ඒ වගේම මුලදිම wrong username password දුන්නොත් bot මැදදි හිර වෙනවා..එහෙම උනොත් bot close කරලා අයේ මුල ඉදන්ම run කරන්න

හොදයි එහෙනම් bugs යෝජනා,චෝදනා තියනවනම් comment එකක් දාගෙනම යන්ඩකෝ..

කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ මොන විකාරයක්ද කියලා..ඒත් fiverr එකේ social marketing එහෙම කරන අයනම් දන්නවා මේ bot කොච්චර වටිනවද කියලා..

Deleted Files Recover කරන්න විදිහ සහ හොදම Recovery Software එක (Testdisk and PhotoRec)

Deleted Files Recover කරන්න විදිහ සහ හොදම Recovery Software එක (Testdisk and PhotoRec)


ඔයාල නිතරම අහල ඇති මේ deleted files recovery කිරීමක් ගැන..ඒ කිව්වේ delete උන දත්ත නැවත ලබා ගැනීම..
ඔයාල කල්පනා කරනව ඇති කොහොමද මේ delete කරපු දෙයක් ආපහු ගන්නේ කියලා..ඒ මෙහ‍ෙමයි..

අපි file එකක් delete කරද්දි අපි හිතුවට මේක සම්පූර්නයෙන්ම delete වෙනව කියලා එහෙම වෙන්නේ නෑ...
සිද්ද වෙන්නේ මතකයේ ඒ දත්ත තියන blocks ටික free space එකක් කියල නම් කරනවා operating system එක මගින්.
ඒ කිව්වේ  file එකට තියන පාර අයින් කරල දානවා..එතකොට computer එකේ file system එක ඒ file එකට අයේ ඇතුලු වෙන්නේ නෑ..එතකොට අපි හිතනවා ඔන්න වැඩේ හරි file එක delete උනා කියලා..
ඒ උනත් ඇත්තටම data එහෙමම තියනවා..
කවද හරි අපි මේ free space එකේ වෙන මොනවහරි data ගබඩා කරද්දි ඒ data වලින් overwrite වෙනකම් මුල් data වලට මොකුත් වෙන්නේ නෑ..

ඉතින් ඒ නිසා හදිස්සියෙම ඔයාගේ වැගදත් data මොනවහරි delete උනොත් ලොකු chance එකක් තියනව ආපහු recover කරගන්න..
ඒත් මතක තියාගන්න ඒ memory එක වෙන data වලින් overwrite වෙලා තිබ්බොත්නම් වැඩේ හරියන්නේ නෑ..ඒ නිසා මොකක් හරි file එකක් delete උනාම පුලුවන් තරම් ඉක්මනට උත්සහ කරොත් ලොකු chance එකක් තියනවා recover කරගන්න..

ගොඩක් File recovery software එකක් මගින් කරන්නේ මේ විදිහට මතකයේ ඉතුරු වෙලා තියන data වලින් file headers හදුනගෙන ඒ header information වලින් සම්පූර්ණ file එකම ආපහු ලබා ගන්න එක..
මේක කරන්න ගොඩක් සංකීර්න algorithm තමයි භාවිතා වෙන්නේ..

ඉතින් මේ file recovery software අතරින් ගොඩක් ප්‍රයෝජනවත් උන software එකක් තමයි PhotoRec..මේකෙන් ඔයාලට jpg,png,exe,zip,mp3,mp4,mpg සහ තවත් ගොඩක් වර්ගවල files ලේසියෙන්ම recover කරගන්න පුලුවන්..
මේකේ තියන ප්‍රධානම වාසි තමා Windows,linux,Mac වගේ OS ගොඩක මේක වැඩ කරනවා..අනිත් එක තමා මේක නොමිලේ ලබා දෙන්නේ..

මම Windows වලදි මේකෙන් වැඩ කරන විදිහ කියන්නම්..Linux වලදිත් ඒ විදිහටම තමයි..
මුලින්ම ඔයාගේ OS එකට ගැලපෙන්න TestDisk and PhotoRec Download කරගන්න..




Link 2



හරි දැන් මම myrecovredfiles කියලා directory එකක් හදා ගන්නවා recover කරන files ටික දාගන්න..මේක ඔයා කැමති තැනක කැමති නමකින් හදාගන්න..


දැන් photorec run කරාම මේ වගේ CLI එකක් open එනවා
දැන් මෙතනින් ඔයාට recover කරන්න ඕන drive එක select කරන්න..



මෙතන පෙන්නනවා ඔයාගේ drive එකේ තියන partition ටික..partition කරපු drive එකකනම් වෙන වෙනම partition recover කරන්න පුලුවන්..මම මෙතනදි whole disk select කරනවා..


මෙතනදි අහනවා filesystem type එක මොකක්ද කියලා..Windows වලදි නම් Fat32,NTFS තමා පාවිච්චි වෙන්නේ..linux වලදි ext3,ext4 පාවිච්චි වෙනවා..


දැන් මෙතනදි අහනවා recover වෙන file දාන්න ඕන directory එක..ඒකට මම කලින් හදාගත්ත directory එක select කරනවා..



මෙතනදි select කරන්න C press කරන්න


ඔන්න දැන් recover වීම පටන් ගන්නවා..Recover වෙන files ගාන වෙන වෙනම ඔයාට බලාගන්න පුලුවන්.. 

මේක ඉවර වෙන්න ටිකක් වෙලානම් යනවා..යන වෙලාව තීරනය වෙන්නේ ඔයාගේ drive එකේ size එක speed එක වගේ දේවල් අනුව තමයි..
වැඩේ ඉවර උනාම ඔන්න ඔය වගේ වැටෙනවා..

හරි දැන් අපි බලමු recover උන files..

දැන්නම් පොඩි අවුලක් තියනව නේද..recover උන files ඔය වගේ Folder ගොඩක් ඇතුලේ තමයි තියෙන්නේ..මෙතන නම් folder 151 තියනවා..
ඒ මදිවට එක එක folder ඇතුලේ එක එක විදිහෙ file කලවම් වෙලා කලවම් මැල්ලුමක් වගේ තමයි මේක තියෙන්නේ..තව ලොකු hard එකක වගේ නම් folder ගානත් වැඩි වෙනවනේ.. දැන් ඔයාල හිතනව ඇති මීට වඩා හොදයි recover නොකර නිකන් හිටියනම් කියලා..

                                                           

හරි හරි මම ඒකට විසදුමක් විදිහට පොඩි program එකක් හැදුවා....මේක download කරගන්නකෝ..




හරි  දැන් ඒක execute කරන්න..

මේ program එකෙන් වෙන්නේ මේකයි..අර recover කරපු files ටික තියෙන්නේ folder ගොඩක් ඇතුලේ කලවම් මැල්ලුමක් වගේනේ..
මේකෙන් කරන්නේ ඔයාට ඕන ෆයිල් ටික විතරක් තෝරල දෙන එක..ඒ කිව්වේ ඔයාට jpg file ඕනෙනම් jpg File ටික තෝරලා අරගෙන වෙනම folder එකකට දාල දෙනවා..jpg,mp4,mov,png වගේ ෆයිල් වර්ග ගොඩක් උනත් එක පාර filter කරල ගන්න පුලුවන්..

මේකට මුලින්ම ඔයා folder එකක් හදාගන්න ඔයාට ඕන ෆයිල් ටික වෙන් කරල දාගන්න..


ඔන්න මම new කියල folder එකක් හදා ගත්ත..දැන් ඔය පල්ලෙහ රූපෙ පේනවා වගේ මම දුන්න program එකෙන් මුලින්ම අහනවා Data Folder path එක..ඒකට දෙන්න ඕනේ ඔයා Recover කරගත්ත files තියන folder එකේ path එක..

ඊලගට අහනවා destination folder path එක..ඒකට ගහන්න දැන් අපි හදාගත්ත folder එකේ path එක..ඒකට තමා අපි filter කරගන්න file ටික copy වෙන්නේ..

ඊලගට අහනවා අපිට filter කරගන්න ඕන file extension මොනවද කියලා..ඉතින් ඔයාට ඕන extension හැම එකක්ම කොමා වලින් වෙන් කරලා මෙතන ගහන්න..

උදාහරනයක් විදිහට ඔයාට ඕනේ .jpg file විතරනම් .jpg කියලා ටයිප් කරලා enter කරන්න..
.jpg file, .mp4 file ,.3gp file වර්ග තුනම ඕන කියල හිත්න්න..එහෙනම්

.jpg,.mp4,.3gp

විදිහට කොමා වලින් වෙන් කරලා(space තියන්නේ නැතුව) extension ටික ඔක්කොම ගහන්න..



ඔන්න එතකොට file filter වෙන්න පටන් ගන්නවා..


filter වෙලා ඉවර උනාම මෙන්න මෙහෙම වැටෙනවා හම්බ උන file ගාන..



ඔන්න එහෙනම් වැඩේ හරි..ඔයාට ඔන ෆයිල් ටික විතරක් එක තැනකට අරගෙන තියනවා..දැන් ලේසියෙන්ම ඕන කරන file ටික හොයාගන්න පුලුවන්..


Webcard එක PayPal වෙත link කරන්නෙ කොහොමද



දැන් අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ Webcard එක PayPal වෙත link කරන්නෙ කියලා.




Webcard එක PayPal වෙත link කරන්නෙ කොහොමද?

1. PayPal වෙත ගොස් ඔබේ ඉ-ලිපිනය සහ මුරපදය ලබා දී ඔබ සාදාගත්තු PayPal ගිණුමට ප්‍රවිශ්ට (log in) ‍වෙන්න.
(තවමත් ඔබ PayPal ගිණුමක් සාදාගෙන නැත්නම් http://www.paypal.com වෙත ගොස් එහි ඉහළ කෙළවරේ ඇති Sign up යන්න තෝරා ඔබේ පෞද්ගලික තොරතුරු ලබා දී PayPal ගිණුමක් සාදාගන්න.)


2. රූපයේ දක්වා ඇති පරිදි My Account --> Profile --> Add/Edit Credit Card තෝරන්න.



3. එලෙස තේරූපසු ඔබට දිස්වෙන කවුළුවෙන් Add Card යන්න ඔබන්න.

4. එවිට ඔබට දිස්වෙයි මෙන්න මේ වගේ form එකක්. මේ එකින් එකක් පුරවන්නෙ කොහොමද කියලා පහතින් දක්වලා ඇති.


  • First Name: මේ සඳහා ඔබේ සැබෑ මුල්නම දෙන්න. PayPal වලින් ගෙවීම් කර ලබා ගන්නා භාණ්ඩ තැපෑලෙන් ලැබෙන්නෙ මේ නමටයි.
  • Last Name: මෙය ඔබට වෙනස් කළ නොහැකියි. PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් වාසගම මෙතන දිස්වෙයි.
  • Card Type: මෙතන ඇති තේරීම් තුනෙන් Visa යන්න තෝරන්න. (අපේ Webcard එක Visa කාඩ්පතක්.)
  • Card Number: මෙතනට ඔබ ලබා දිය යුත්තෙ ඔබේ Webcard එකේ ඉදිරිපස ඇති අංක 16කින් යුත් අංකය. ඉරිකෑලි හෝ හිස්තැන් නොතබා අංක 16ම යතුරු කරන්න.
  • Expiration Date: ඔබේ කාඩ්පත කල් ඉකුත් වන මාසය හා අවුරුද්දත් Webcard එකේ ඉදිරිපසම දිස්වෙනවා. (VALID THRU ලෙස) අන්න එම මාසය හා අවුරුද්ද මේ සඳහා ලබා දෙන්න.
  • Card Verification Number: මේ සඳහා ලබා දිය යුත්තේ Webcard එක සමඟ ඔබට ලැබුණු අංක හතරකින් යුත් මුරපදය (Password එක).
ඔය රූපයේ දැක්වෙන දෑ වලට අමතරව එතනදි තව ඔබෙන් අහනවා Billing Address එක මොකක්ද කියලා. ඒ සඳහා ඔබට Use this address as billing address මගින් PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් ලිපිනය හෝ Enter a new address as billing address මගින් වෙනත් ලිපිනයක් හෝ ඇතුලත් කරන්න පුළුවන්.



5. මේ තොරතුරු සියල්ල ඇතුලත් කිරීමෙන් පසු Add Card යන්න ඔබන්න.

මෙලෙස එබූ පසු කිසියම් දෝෂ පණිවිඩයක් දිස් උනොත් එයින් හැඟවෙන්නෙ ඔබේ කාඩ්පත තවමත් සක්‍රීය වෙලා නෑ කියන එක. දෝෂ පණිවිඩයක් දිස් නොවෙනවා නම් ඔබේ කාඩ්පත දැනටමත් PayPal විසින් වලංගු කාඩ්පතක් ලෙස බාරගෙන හමාරයි. 

හැබැයි ඉතිං කාඩ්පත PayPal වෙත add කළ පමණින් ඔබට කඩේපතෙන් ගණුදෙනු කරන්න බෑ.  ඊට කලින් ඔබ ඇතුලත් කළ කාඩ්පත ඔබේගේම බව තහවුරු කරන්න (confirm කරන්න) සිද්ධ වෙනවා.


PayPal වෙත link කළ Webcard එක confirm කරන්නෙ කොහොමද?

PayPal මගින් මේ කාර්යය සිදුකරන්නෙ සරළවම මෙන්න මෙහෙමයි. ඔවුන් අපි ඇතුලත් කළ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමකට $ 1.95 ක මුදලක් බැර කරගන්නවා. (මේ මුදල පසුව නැවත අපිට ලබා දෙනවා) එලෙස අපේ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමට මුදලක් බැරකර ගැනීමේදී PayPal code නම් කේතයක් අපේ බැංකු ප්‍රකාශනයෙ (bank statement එකේ) සටහන් වෙනවා. මෙන්න මේ විදියට සටහන් වන PayPal code එක නැවත අපි PayPal වෙත ලබා දුන් විට ඔවුන් මෙම කාඩ්පත අපේම බව තහවුරු කරගන්නවා. ඔන්න ඕකයි සිද්ධිය.

දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.


1. ඉහතදි Add Card යන්න එබූ පසු දිස්වන මෙන්න මේ කවුළුවෙන් Save & Continue යන්න ඔබන්න. (මෙලෙස කළ පසු ඔබේ කාඩ්පතෙන් $ 1.95 ක මුදලක් ඔවුන් කපා ගන්නවා)

රූපය ගත්තෙ මෙතනින්

2. මීළඟට දිස්වන මෙන්න මේ කවුළුවෙන් අපූරුවට දිස්වෙනවා අපි දැනට කරලා තියෙන දෑ සහ අපි මීළඟට කරන්න ඕනා දෑ.

රූපය ගත්තෙ මෙතනින්

ඔවුන් අපිට කියනවා මීළඟට අපේ බැංකු ප්‍රකාශනය පරීක්‍ෂා කරලා PayPal code එක ලබාදෙන්න කියලා. නමුත් අපේ මේ සම්පත් Webcard එක සඳහා අපිට මුද්‍රිත බැංකු ප්‍රකාශනයක් ලබාගැනීමේ පහසුකම හිමිවෙන්නෙ නෑ. එහෙනං කොහොමද PayPal code එක හොයාගන්නෙ?  හරිම ලේසියි. ඔබට කරන්න තියෙන්නෙ 0112300604 යන අංකයෙන් සම්පත් card center ඇමතීම පමණයි.  Card Center අමතලා ඔබ කියන්න ඔබට ඔබේ Webcard එකේ PayPal code එක ලබාදෙන්න කියලා. එවිට ඔවුන් ඔබෙන් ඔබේ Webcard අංකය ලබාගෙන ඔබට PayPal code එක ලබා දේවි.


3. එලෙස ලබාගත් අංක හතරකින් යුත් එම PayPal code එක ඔබ ඉහත කවුළුවෙදි Continue යන්න එබූ පසු දිස්වන පහත කවුළුවෙදි ඇතුලත් කරන්න.

රූපය ගත්තෙ මෙතනින්

මේ කවුළුවෙදි Resend PayPal code යන්න එබුවොත් නැවත වරක් ඔබෙන් $1.95ක මුදලක් කැපෙනවා. ඒ නිසා වැරදිලාවත් ඒක ඔබන්න එපා. (එබුනත් අවුලක් නෑ ඉතිං, ආයෙත් ඒ මුදල කොහොමත් ඔබට ලැබෙනවා ) ඉහත කවුළුවෙදි PayPal code එක ඇතුල් කර Submit යන්න එබූ පසු ඔබේ Webcard එක ඔබේම බව තහවුරු වී ඇති බව ඔබට දිස් වේවි.

සුභපැතුම්! දැන් ඔබට ඔබේ PayPal ගිණුම භාවිතා කර eBay ගණුදෙනු කරන්න පුළුවන්. 


ඔන්න එහෙනම් අද කුප්පියත් අවසානයි. අද සාකච්ඡා කෙරුණු කරුණු ගැන ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න. ඔබේ අත්දැකීම් බෙදාගන්න. මං මේ ලියන ලිපි සම්පූර්ණ වෙන්නෙ ඔබේ අදහසුත් එකතු උනාමයි. ඒ නිසා ඔබේ අදහස් ලියලා යන්න පසුබට වෙන්න එපා.

ඔබ eBay වෙතින් භාණ්ඩ ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ ඔබට අවශ්‍ය භාණ්ඩයක් eBay තුළ පහසුවෙන් සොයා ගන්න අයුරුත් ඊළඟ ලිපියෙන් ලියන්නම්. ඒ ලිපිය ලියන කල් ඉන්න බැරි අයට පුංචි ඔවදනක් හැටියට කියන්නෙ. මුලින්ම ඔබ ලොකු ලොකු වටිනාකමින් යුත් භාණ්ඩ ගන්න එපා. මුලින් මුලින් රු.500කට 1000කට අඩු භාණ්ඩ කීපයක් ගන්න. ඒවා ඔබ වෙත සුරක්‍ෂිතව ලැබුණම ඔබට තවත් මේ eBay ගණුදෙනු ගැන විශ්වාසය ගොඩනැගේවි. යම් යම් දෑ සිද්ධ වෙන ආකාරය ගැන අවබෝධයකුත් ලැබේවි. ඉන්පසු ඔබට ලොකු ලොකු භාණ්ඩ වලට යන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ඔබ ගන්න හදන භාණ්ඩයක් ගැන මොනම හෝ ගැටළුවක් තියෙනවා නම් ගන්න කලින් sellerව contact කරලා අවැසි හැම දේම දැනගන්න. හැමදේම ගන්න කලින් සහ pay කරන්න කලින් දෙපාරක් හිතන්න.

එහෙනම් eBay සමඟ සුරක්‍ෂිතව ගණුදෙනු කරන්න ඔබට සුභ පැතුම්! ලිපිය ප්‍රයෝජනවත් උනානම් ඒ ගැන ලියලා යන්නත් ඔබේ අත්දැකීම් බෙදාගන්නත් අමතක කරන්න එපා. 

එහෙනම් ජයවේවා!


අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න "පේපැල් ගිණුමක්" නිවැරදිව සාදා ගනිමු...


දැනට ලොව තිබෙන හොදම අන්තර්ඡාල බැංකුවයි. නමුත් මෙයාලා

 ලංකාව සමග ගණදෙනු කරන්නේ ටිකක් අඩුවෙන් ඒ කියන්නේ මෙයා

 ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා ඒ

01.Send Only

02.Send and receive

03.Send , receive and withdraw

මේ ලිංක් එකේන් වැඩි විස්තර බලන්නකො

https://www.paypal.com/worldwide/

ඒ කාණ්ඩ 3න් ලංකාව ඉන්නේ 01. කාණ්ඩයේ ඒ කියන්නේ ලංකා‍වෙ

 මුදල් පිට රටවල් වලට යැවිය හැකියි නමුත් පිට රටවල් වලින් ලැබෙන

 මුදල් අපේ රටට ලබා ගන්න බැ.

ඒයාලා අපිව 01.Send Only කාණ්ඩයට දාලා තියෙන්නෙ අපේ රටෙ

 අන්තර්ඡාල ගණදෙනු පිළිබද සැලකිය යුතු නීති පද්ධතියක් නොමැති

 නිසාලු

දැන් අපි කොහොමද මේ අන්තර්ඡාල රැකියා වලින් ලැබෙන මුදල්

 ලංකාවට ගෙන්නෙ, ඒකටත් අපි ගාව ක්‍රම කිහිපයක් තියෙනවා.
PayPal ගිණුමට මුදල් ලැබෙන පරිදි සකසමු

මුලින්ම අපි මේ කරන්න යන්නේ හොර වැඩක් කියලා මතක තියා

 ගන්න. නමුත් මේකේන් වෙන්නෙ යහපතක් එනිසා ඒ හොර වැඩේ

 කලාට කමක් නෑ. අපි මෙ හොර වැඩේ නිවැරදිව කරන්න ඕනි.

 PayPal අයියලාට නොදැනෙන විදියට.

වැඩේට බහිමු

PayPal සල්ලි එවන්නේ නැත්තේ ලංකාවටනේ ඉතින් අපි 03 වන

 කාණ්ඩයේ රටක හිටියොත් අපිට සල්ලි ලබා ගන්න පුලුවන්.

ඉතින් PayPal වල සියලුම පහසුකම් දෙන රටවල් වලින් 2ක් තමයි

 Malasia ව හා Phillipine කියලා කියන්නෙ තවත් රටවල් තියෙනවා

 නමුත් ගොඩක් අය හදන්නේ මේ රටවල් දෙකේ විදියට .

මම නම් හදලා තියෙන්නේ 
Phillipine විදියට

වැදගත් කරුණු - Very Important

Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි

01. ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක්

 සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක

 Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න

 බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies

 Delete කරලා දැම්මනම් හරි.

02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( 
Phillipine )

 රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන

 එක
03.ඔයාගේ Computer එකෙන් ‍වෙනත් කෙනෙකුට PayPal ගිණුමක්

 සැදීමට ඉඩ දෙන්න එපා.

04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe

 වලින් එහෙම log ‍වෙන්න එපා.

05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න

 හිතන්න වත් එපා.



හරි දැන් වැඩේ පටන් ගමු

පියවර - 1

Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.


පියවර - 2

දැන් රවුම් කරලා තියෙන Sign up Today Click කරන්න.

image

පියවර - 3

රට විදියට

Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් 


එකක් තෝරන්න.(Phillipine තම හොදම)

image


පියවර - 4

Account Type එක විදියට Premier තොරන්න

පියවර - 5 ( ඉතා මත් වැදගත් )

දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න

 එපා. හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න
 පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි
 බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන
 කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක්
 හොදයි.
ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ
 විදියට තොරතුරු පුරවන්න.

Driving License , Passport , Other ID s With English Details (


 මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )

( I )

image


image



(III)

image


http://sri-lankan.net/postal_codes

(IV)

image



image


දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න

Account ID එක ඔයාගේ Email එක වෙනත් Site 

වලින් ගෙවීම් ලබා
 ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක.


Password එක මුලින් දුන්නු එක...


ඒ වගේම Paypal ගිණුමට debit/credit card add කිරීම හා ගිණුම verify කරගන්න ආකාරය මෙතැනින් බලන්න (මේ සදහා Commercial,HNB Visa Debit හෝ Credit Card එකක් Use කරන්න පුළුවන් එහෙම නැත්නම් Sampath Web.Card use කරන්නත් පුලුවන්)

Join them

Monetize your website traffic with yX Media